ලෙල්ලම ඉල්ලා කළ විරෝධතාවට සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පිළිතුරු

ලෙල්ලම ඉල්ලා කළ විරෝධතාවට සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පිළිතුරු

මීගමුව පිටිපන ධීවරයින් භුක්ති විඳිමින් සිටි මාළු ලෙල්ලම කාදිනල් හිමිපාණන් විසින් අධිකරණ ක්‍රියාවලියකින් පවරා ගත් බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් ඊයේ දිනයේදී කොළඹ බිෂොප් හවුස් ඉදිරිපිට විරෝධතාවයක නියැලුණා.

ඒ සම්භන්ධයෙන් කරුණු දැක්වීමට සිරිල් ගාමිනී පියතුමන් අද දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී උද්ඝෝෂණය සිදු කිරීම පිළිබඳව හා මැතිවරණය පිළිබඳව සිරිල් ගාමිණී පියතුමන් ඇතුළු පිරිස මෙලෙස අදහස් දැක්වූහ.

පිටිපන ලෙල්ලමේ මුල් අයිතිය හිමිවෙලා තිබුනේ කාඩිනල් හිමියන්ට.

60 ගනන් වල එය කොන්දේසී කිහිපයකට යටත්කොට එක්සත් ධීවර සම්තියට ලබාදුන්නා

පසුකාලීනව එහි සභාපති ලේකම් අවසරයකින් තොරව මුදලට කඩ කාමර ලබා දුන්නා

ධීවරයින්ගේ යහපතට ලාභයෙන් කොටසක් ධීවර සමිතියට ලබාදිය යුතුව තිබුනා.

ඔවුන් ඒක කලේ නැති නිසා හිටපු අගරදගුරුතුමන් ඔස්වර් ගෝමස් පියතුමන් තැගි ඔප්පුව අවලංගු කලා.

නමුත් ඔවුන් ඒක අනවසරයෙන් භාවිතා කලා. ඒ නිසා ඔස්වර් ගෝමස් පියතුමන් මීගමුව අධිකරණයේ 2008 දී නඩු පැවරුවා

අගරදගුරු තුමන්ගේ ඉල්ලීම පරිදි අතුරු නියෝගයකින් භාරකාර මණ්ඩලයක් පත්කලා.

විරෝධය පලකරන්න ආපු අය කල අසත්‍ය තොරතුරු අපි තේරුම් ගන්න ඕන.

කාඩිනල් හිමිපාණන් කලේ එම නඩුව ඉස්සරහට කරගෙන ගියපු එක

මේ බලහත්කාරයෙන් පවරගත්තා කියන එක අසත්‍යයි

අගරදගුරුතුමන්ගේ පරමාර්ථය කිහිපදෙනෙක් භුක්ති විදපු ලෙල්ලම පුලුල් ධීවර ප්‍රජාවක් වෙත මෙයින් ලැබෙන දේ ලබාදෙන්න

ධීවර ජනතාවගෙන් ඉල්ලනවා මේ කියන දේවල් වලට මුලා වෙන්න එපා කියලා

ප්‍රශ්න
අධිකරනයේ ප්‍රශ්නය විසදගන්න තිබියදී පාරේ ප්‍රශ්න විසදගන්න එක නෙවෙයි ක්‍රමය

මෙහෙම බස් වලින් ඇවිත් උද්ඝෝෂණය කරනකොට ජනතාව හිතනවා මේක පිටිපස්සේ දේශපාලනය තියෙනවා කියලා

මේ වීඩියෝ වලින්පේනවා කාඩිනල් හිමියන්ට චේතනාන්විතව පහර ගහනවා

කාඩිනල් හිමියන්ව ඉලක්ක කරගෙන පහර ගැසීම යට යම් ප්‍රශ්නයක් තියෙනවා

මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ඡන්දයට එන එක ගැන ඔහුගේ අයිතියක්

ඔහුව පත්කරගන්නවද කියලා ජනතාව තීරනය කරන්න ඕන

ජනතාව හැමදාම කරපු වැරැද්ද නැවත කරනවද කියලා ජනතාව කල්පනා කරන්න ඕන

පෞද්ගලික වාසි සදහා දේශපාලකයින් පත්කරගැනීම පිලිබද ජනතාව කල්පනාකරන්න ඕන

පොරොන්දු ගැන හිතලා දේශපාලකයින් පත්කරගත්ත නිසයි මෙහෙම උනේ

මහජනතාව රට ගැන හිතලා හරියට කතිරෙ ගහන්න ඕන