චොකලට් බිස්කට් මැද දුම්කොළ අතුරා රැඳවියෙකුට දුන් අයෙක් අත්අඩංගුවට

චොකලට් බිස්කට් මැද දුම්කොළ අතුරා රැඳවියෙකුට දුන් අයෙක් අත්අඩංගුවට

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ලයෙකු එම සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ චොක්ලට් බිස්කට් පැකැට්ටුවක සියළුම බිස්කට් තුළ ඉතා සුක්ෂම අයුරින් දුම්කොළ කැබලි සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

සැකකරුට ලබා දීමට යන අවස්ථාවේ දී එම ස්ථානයේ සෝදිසි කිරීම් රාජකාරී කළ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් මෙම දුම්කොළ රැගෙන ආ පුද්ගලයා සහ දුම්කොළ ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසියට භාරදුන් බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් දිසානායක මහතා වැඩිදුරටත් කීය.