කොළඹ වරාය නගර වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක්

කොළඹ වරාය නගර වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක්

කොළඹ වරාය නගරයේ, වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවූවෙක් බවයි පොලිසිය පවසන්නේ.

උස අඩි 05යි අඟල් 08ක් පමණ වූ අදාළ මියගිය පුද්ගලයා නිල් පැහැති දිග ඩෙනිම් කලිසමකින් සැරසී සිටි බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.