පුංචි සිරීපාදය බලන්න ආ රුසියානුවා ත්‍රිරෝද රථය තුළ දී මරුට

පුංචි සිරීපාදය බලන්න ආ රුසියානුවා ත්‍රිරෝද රථය තුළ දී මරුට

බණ්ඩාරවෙල, ඇල්ල – පුංචි සිරිපාදය නැරඹීමට බිරිද හා දරුවා සමග ගිය රැසියානු ජාකිකයෙකු එය නරඹා නවාතැනට පැමිණෙමින් සිටියදි ත්‍රිවිලරය තුළ මියගොස් සිටියදි ඊයේ (09) දින රෝහල් ගතකළ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි ටී,ඇලෙක්සැන්ඩර් නම් රුසියන් ජාතික එක් දරු පියෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා තම බිරිද හා දරුවා සමග පසුගිය 03 වන දින ලංකාවට පැමිණ දිවයිනේ ප්‍ර‌දේශ කිහිපයක සංචාරය කිරීමෙන් අනතුරුව ඇල්ලට පසුගිය 08 වන දින පැමිණ එහිදි හමුවූ තවත් තිදෙනෙකුගෙන් යුත් රුසියන් ජාතික පවුලක් සමග ත්‍රිවිලර් රථ කිහිපයකින් පුංචි සිරිපාදය නැරඹීමට ගොස් නැවත නවාතැනට පැමිණෙමින් සිටින අතරතුර ඇතිවු රෝගී තත්වයක් උස්සන්නවීමෙන් ත්‍රිවිලරය තුළදීම මියගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මීටර 250ක පමණ දුරක් පාගමනින් ගමන් කර නැවත ත්‍රිවිලරයට නැගී පුද්ගලයා ටික වේලාවකින් හදිසියේ අසනීප වී කෑගසමින් දගළමින් වාහනය තුළම කඩා වැටි ඇති අතර බිරිද ප්‍රථමාධාර දී ස්වාමියාව බේරාගැනීමට දැඩි උත්සහයක් දරා ඇති අතර ත්‍රිරෝද රථ රියදුරු වහා ක්‍රියාත්මක වී ඇල්ල පොලිසිය දැනුවත් කර හැකි ඉක්මනින් දෙමෝදර ප්‍රාදේශිය රෝහල වෙත රෝගියා රැගෙන විත් තිබේ.

එහිදි වෛද්‍ය හෙද හා සෙසු කාර්ය්‍ය මණ්ඩල එක්ව රෝගියාව බේරාගැනීමට දැඩි උත්සහායක් ගත්තද ඒ වන විටත් මෙම විදේශිකයා මියගොස් සිටි බව පොලිසිය කියයි.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන අතිරේක මහේස්ත්‍රාත් සෙනවිරත්න වීරසිංහ මහතා පැමිණ මෘත ශරීරය නිරීක්ෂණය කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෙද්‍යවරයාට නියෝග කළාය.

මිය ගිය තම ස්වාමියා අධික රැධිර පීඩනය සදහා ඔෘෂධ ලබාගන්නා බවත් මරණය ගැන සැකයක් නොමැති බවත් රැසියානු ජාතික බිරිද මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මියගිය පුද්ගලයාලේ දේහය රුසියාව වෙත ගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන බව ඇල්ල පොලිසිය කියයි.