රාජිතට එරෙහිව අධිචෝදනා

රාජිතට එරෙහිව අධිචෝදනා

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩු කළ බවට වන චෝදනාවන්ට අදාළව හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව සංශෝධිත අධි චෝදනා පත්‍ර අද බාර දී තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී යි.

එහි දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබා දී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ජූනි මස 16 වනදා කැඳවන ලෙස නියම කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

2014 වසරේදී මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බව පවසමින් අල්ලස් කොමිසම චෝදනා පහක් යටතේ මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )