web hit counter
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසල වෙඩි තැබීමක්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසල වෙඩි තැබීමක්

කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් සුඛෝපභෝගී රථයකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී යම් වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බව ට දැනට තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )