web hit counter
බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

සිය නිවස පිටුපස ඇති කැලෑ ප්‍රදේශයට මිතුරන් කිහිප දෙනෙක් සමඟ ඉනි කැපීමට ගිය 15 හැවිරිදි දරුවෙකු සතුන්ට අටවා තිබුණු බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මීගලෑව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (23) සවස් කාලයේ මෙම අනතුර සිදු වී ඇත.

තුවාල ලැබූ මෙම දරුවා මීගලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා ඇත.

සතුන් දඩයම් කිරීමට මෙම ගිනි අවිය අටවන ලද පුද්ගලයින් සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )