කෝටි 30ක හෙරොයින් සමග ලොකු පැටීගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි 30ක හෙරොයින් සමග ලොකු පැටීගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් සිදු කළ වැටලීමකදී කහතුඩුව, කැබැල්ලගහවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ දහතුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 කට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබූ ගිනි අවි දෙකක් සහ ව්‍යාජ අංක තහඩු යොදන ලද මෝටර් රථ දෙකක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඩුබායිහි සැඟව සිටින අහුංගල්ලේ ලොකු පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරවිල, පාදුක්ක හා ගල්කිස්ස යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 24,28,48 පසුවන පැටීගේ ප්‍රධානම ගෝලයන් තිදෙනෙකු බව විශේෂ කාර්ය බලකාය කියයි.

එහිදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, උණ්ඩ රහිත මැගසින් දෙකක්, රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 13, ග්‍රෑම් 106 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164 හා මෝටර් රථ 02 ක් අත්අඩංගුවට ගෙන් තිබේ.