දුම්රිය වර්ජනය තවදුරටත් – දුම්රිය 20 ක් අවලංගුයි

දුම්රිය වර්ජනය තවදුරටත් – දුම්රිය 20 ක් අවලංගුයි

ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වර්ජනය අද (10) හතරවන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් අද (10) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර 20ක් අවලංගු කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ පැවසීය.

එමෙන්ම, අද උදෑසන දුම්රිය ගමන් වාර 64ක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බවයි, වාර්තා වන්නේ.