මෛත්‍රීගේ සභාපති ධුරයට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

මෛත්‍රීගේ සභාපති ධුරයට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය මෙම මස 29 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය.

ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඉදිරිපත් කල පෙත්සම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ අද යළි කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබේ.