කොළඹ CCTV දඩකොළ නියමු ව්‍යාපෘතිය අද සිට

කොළඹ CCTV දඩකොළ නියමු ව්‍යාපෘතිය අද සිට

කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩ කොළ යැවීමේ නියමු ව්‍යාපෘතිය අද (22) ආරම්භ වේ.

මේ වැඩපිළිවෙළ කොළඹ ඕල්කට් මාවතේ පිහිටි CCTV කොට්ඨාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් සභාභාගි වීමට නියමිතය.

සති දෙකක පමණ කාලයක් මෙම වැඩපිළිවෙළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ආරක්ෂිත කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර අදාළ තොරතුරු වාහන හිමිකරු පදිංචිව සිටින බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයට යොමු කර වාහන හිමියන්ට දඩපත්‍රිකා ලබා දීමට සැලසුම් කර ඇත.