පූර්ණ ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එලෙස රියදුරු බලපත්‍ර ලබාදීම පිණිස නියමු ව්‍යාපෘතියක් ගම්පහ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස 2022/11/14 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එම නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර ද්වි වාර්ෂිකව අලුත් කිරීමේ පදනම මත නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share This