නෞකාවට පටවන්න ගිය වාහනයක් හම්බන්තොටදී මුහුදට වැටෙයි

නෞකාවට පටවන්න ගිය වාහනයක් හම්බන්තොටදී මුහුදට වැටෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

අද (03) අළුයම 2.30 ට පමණ පැනමා ධජය යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන ප්‍රතිඅපනයනය කිරිම සඳහා පැමිණ වාහන ප්‍රවාහන නෞකාවකට වරායේ ගාල්කර තිබෙන වාහන පැටවීමේ දී මෙම අනතුර සිදු වී ඇත.

නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුර සිදුව ඇති අතර රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව වන්නට ඇතැයි දැනට අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලැබූ රියදුරු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මුහුදට වැටුණු මෝටර් රථය උදෑසන වනතෙක් ගොඩට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වරාය බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශකර නොමැත.

Share This