නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි

නොරොච්චෝලේ “ලක්විජය” ගල්අඟුරු විදුලි බලාගාරයේ අංක 2 ජනන යන්ත්‍රය බිඳ වැටීමක් හේතුවෙන් අද (08) පස්වරුවේ අක්‍රීය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යන්ත්‍රයේ අධි පීඩන හීටරයේ කාන්දුවීමක් පරීක්‍ෂා කිරීම සඳහා පස්වරු 2.15 ට පමණ එම යන්ත්‍රය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කළ බවත් එම යන්ත්‍රය බිඳ වැටුණ ද විදුලි කප්පාදුවක් නොවන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

මෙම විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ප්‍රමාණයක් අහිමි වූ අතර පළමු සහ තුන්වෙනි යන්ත්‍රවලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 550 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කරයි.

මෙම යන්ත්‍රය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මස අක්‍රීය වීම හේතුවෙන් අලුත්වැඩියා කර ඔක්තෝබර් මස නැවත ජාතික පද්ධතියට එකතු කළේය.

Share This