තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරයි

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරයි

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිය අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත් මෙවැනි තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවත් අපහසුතාවට පත් වූ බව ද ඇමැතිවරයා පවසා සිටියේය.

නව බදු හඳුන්වා දීම, පොලී අනුපාත ඉහළ නැංවීම සහ ආනයන සීමා පැනවීමට රජය පියව‍ර ගත්තේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමටත් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමටත් බවයි, රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.

අද (07) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.