web hit counter
කොට්ටාවේ වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩි තැබීමක් – අයෙක් මරුට

කොට්ටාවේ වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩි තැබීමක් – අයෙක් මරුට

කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී අද (21) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු උදෑසන 8 ට පමණ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි රුධිර පරීක්ෂණ ආයතනයෙන් දෛනික සේවය ආරම්භ කිරීමට පැමිණ සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාලකරුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී මිය ගොස් ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් සොයා කොට්ටාව පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )