හෝමාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

හෝමාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

හෝමාගම – නියඳගල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දෙපාර්ශ්වය අතර කලක සිට පැවති පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

Share This