හිටපු නීති­පති දප්පුල ද ලිවේරා අද ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයට

හිටපු නීති­පති දප්පුල ද ලිවේරා අද ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයට

හිටපු නීති­පති දප්පුල ද ලිවේරා මහ­තාව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය හමු­වට අද (19) කැඳවා තිබේ.

පාස්කු ඉරු­දින බෝම්බ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යන්ට අදා­ළව මෙසේ හිටපු නීති­ප­ති­ව­ර­යා­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට ඔහුව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය හමු­වට කැඳ­වී­මට පිය­වර ගත් බව පොලිසිය පවසයි.

පාස්කු ඉරු­දින බෝම්බ ප්‍රහා­රය පිටු­පස කුම­න්ත්‍ර­ණ­යක් ඇතැයි හිටපු නීති­ප­ති­ව­රයා කළ ඇතැම් ප්‍රකා­ශ­ව­ලින් ඇඟ­වෙන බවත් ඔහු­ගෙන් ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් මෙතෙක් ලබා­ගෙන නැති බව­ටත් එල්ල­වන චෝද­නාද සැල­කි­ල්ලට ගෙන මෙසේ හිටපු නීති­පති දප්පුල ලිවේරා මහ­තා­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගන්නා බව පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

Share This