ඉන්දීය බෝට්ටුවක යාපනයෙන් පැමිණි බවට හැඟෙන සැක කටයුතු පරවියෙක්

ඉන්දීය බෝට්ටුවක යාපනයෙන් පැමිණි බවට හැඟෙන සැක කටයුතු පරවියෙක්

ඉන්දීය ධීවරයෙකුගේ බෝට්ටුවක් තුළ ගැට ගසා සිටි සැක සහිත පරෙවියෙකු ඉන්දීය ධීවරයෙකුට හමු වීමෙන් පසුව ධීවරයා එම පරෙවියා තමිල්නාඩු රාමනාදන්පුරම් පොලිසිය වෙත ඊයේ ( 20 ) බාර දී තිබේ.

බෝට්ටුව තුළ නයිලෝන් නූලකින් ගැට ගසා සිටි පරෙවියාගේ එක් කකුලක අක්ෂර වලින් ලියන ලද පණිවුඩයක් තිබූ බවත් අනෙක් කකුලේ ඉලක්කම් කීපයක් සහිත ඛේතයක් තිබූ බවත් තමිල්නාඩු පොලිසිය වාර්තා කොට ඇත.‍රකාශ කොට තිබේ.

රාමනාතන්පුරම් පොලිසිය ප්‍රකාශ කොට ඇත්තේ එම පරෙවියා යාපනය ප්‍රදේශයෙන් පැමිණ ඇති පරෙවියෙකු බවට සැකකරන බවයි.

එහෙත් එම පරෙවියා බෝටුව තුළට පැමිණි ආකාරය පිළිබදව නිශ්ඡිත තොරතුරක් වාර්තා වී නොමැත.

ඉන්දියාවේ ධීවරයා ධනුස්කොඩි ප්‍රදේශයෙන් මසුන් මැරීම සදහා පිටත්ව ගොස් මුහුදු සැතපුම් 7 ක් පමණ දුර ගිය විට මෙම පරෙවියාව දැක තිබේ.

රාමේෂ්වරම් පුලිදේවන් නැමති එම ධීවරයා විසින් සැකකටයුතු පරෙවියා පොලීසියට බාර දීමෙන් පසුව ප්‍රශ්න කිරීම සඳහා ඔහුවද පොලිසියේ රදවා ගෙන තිබේ.

Share This