පාසල් වෑන් රථ ගාස්තු ඉහළට

පාසල් වෑන් රථ ගාස්තු ඉහළට

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇතැයි පැවසු ඒ මහතා, මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ද පැවසීය.

Share This