සියලුම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ සිහිකැඳවීමක්

සියලුම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ සිහිකැඳවීමක්

අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් කර තිබේ.

එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය මස 26 වැනි දා පාසල් ප්‍රධානීන්ට උප‍දෙස් දුන්නේ ය.

එම නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින ලෙස නව නිවේදනයෙන් යළි සිහිකැඳවීම් කර තිබේ.

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීම හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත් එහි සඳහන් විය.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකිය යුතු බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

 

Share This