සපුගස්කන්ද පිරිපහදුව ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් වෙයි

සපුගස්කන්ද පිරිපහදුව ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් සියයට 25ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව රජය පවසයි.

අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.