පොලී අනුපාත පහළට

පොලී අනුපාත පහළට

ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත මේ වනවිට පහළ ගොස් ඇති බැවින් ඉදිරියේ දී අනෙකුත් පොලී අනුපාත ද පහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයාට යොමු වූ පැනයකට පිළිතුරු දෙමින්

පසුගිය වසරක වැනි කාලයක් තුළ පොලී අනුපාත පහළ යාමේ ඉහළම අගය ඊයේ වාර්තා වූ බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ පොලී අනුපාත, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5%ක අඩු වීමක්, දින 182ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%ක අඩු වීමක් සහ දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.81%ක ප්‍රතිශතයක් ලෙස අඩු වී ඇති බවයි.

ඊට අමතරව දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබෙන ඉල්ලීම ද තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා.

උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share This