ලිට්‍රෝ මිලදී ගන්න ආයෝජකයින් 14ක්

ලිට්‍රෝ මිලදී ගන්න ආයෝජකයින් 14ක්

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් කැඳවීම ඊයේ (15) දින අවසන් කර තිබේ .

මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වූ බවයි.

ඒ අනුව ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් මෙම අභිලාෂය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This