web hit counter
පාසල් ළමයි ප්‍රවාහන ගාස්තු වැඩි නොවෙයි

පාසල් ළමයි ප්‍රවාහන ගාස්තු වැඩි නොවෙයි

ඩීසල් මිල ඉහළ දැමුවද මෙවර ද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (01) උදෑසන අම්බලන්ගොඩ පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.

ඉන්ධන මිල පිට පිට තෙවරක් වැඩි වුවත් සිය සංගමය ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ බවද රුවන් මහතා කිවේය.

ඉන්ධන මිල මෙසේ වැඩිවුවත් ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන්නේ දෙමාපියන් ළමයින්ගේ ආර්ථික පසුබිම සලකා බවද රුවන් මහතා එහිදී කීවේය.

දිගින් දිගටම මෙසේ ඉන්ධන මිල වැඩි කරන්නේ නම් සිය සංගම්වලට පාරට බැසීම හැර වෙනත් විකල්පයක් නැති බවත් එසේ වුවහොත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවත් රුවන් මහතා කීවේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )