සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස විසින් අද සිට දෙසැම්බර් 31 වනදා දක්වා තවත් භාණ්ඩ 10ක මිල අඩු කර තිබේ.

ඒ අනුව, කිරිපිටි රු.10කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20 කින්, දේශීය අල රු.15කින්, ආනයනික අල රු.15කින්, රතු හා සුදු නාඩු රු.15කින්, කඩල රු.5කින් මිල අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රතු නාඩු රුපියල් 8 කින් හා සුදු නාඩු රුපියල් 7 කින් මිල අඩු කර ඇති බව ද සඳහන්.

තවද, සීනි කිලෝවක් රුපියක් 275.00 කට සහ බී ලූනු කිලෝවක් රුපියල් 400.00 කටත් මිල දී ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.