ක්‍රිකට් නඩුව අවසන්

ක්‍රිකට් නඩුව අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.

කෙසේ වෙතත්, ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැදවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

Share This