අයහපත් කාලගුණයෙන් පාකිස්ථානයේ 86 ක් මරුට

අයහපත් කාලගුණයෙන් පාකිස්ථානයේ 86 ක් මරුට

මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ජුනි මස 25 වනදා සිට ඇදහැලෙන වැසි හේතුවෙන් පාකිස්ථානය තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

පන්ජාබ් හා කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්ත සඳහා වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පන්ජාබ් ප්‍රාන්තයට ඉකුත් ඉරිදා දිනයේ ද නොනවත්වා වැසි ඇදහැලුනු අතර ඒ හමුවේ මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.

දැඩි වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මාර්ගවල එක් රැස්ව ඇති ජලය බැස නොයාම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු හා රෝග ව්‍යාප්තවීමේ අවධානමක් ද මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This