දෙමටගොඩ රුවන්ගේ පවුලම 08වැනිදා දක්වා බන්ධනාගාරයට

දෙමටගොඩ රුවන්ගේ පවුලම 08වැනිදා දක්වා බන්ධනාගාරයට

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (31) අත්අඩංගුවට ගත් බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල රුවන් ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ පුතා සහ සහෝදරිය ලබන 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමට ගොඩ වේළුවන පාර නිවසේදීය’

රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකර නීතිවිරෝධීව උපයා ගත් රුපියල් ලක්ෂ 1,000කට අධික වටිනාකමින් යුතු දේපොළ ඔවුන් තිදෙනාගේ නම් වලින් මිලදීගෙන තිබීම හේතුවෙන් ඔවුන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු 27 හැවිරිදි තරිඳු මධුෂංක නැමති රුවන්ගේ පුත්‍රයා ප්‍රබල දේශපාලන පක්ෂයක කුප්පියාවත්ත ආසන සංවිධායක ලෙස කටයුතු කරයි.

ශානිකා ලක්මිණි නැමති දෙමටගොඩ රුවන්ගේ බිරිඳ 45 හැවිරිදි වියෙහි පසුවන අතර, සමන්ති නිර්මලා නැමති දෙමටගොඩ රුවන්ගේ සහෝදරිය 48 හැවිරිදි වියෙහි පසුවෙයි.

දෙමටගොඩ රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කරමින් නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට පොලිස්පතිවරයාට 2021දී ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකරන ලද විමර්ශනයකදී රුපියල් කෝටි 30ක පමණ වාහන, ස්වර්ණාභරණ හා ඉඩම් නීති විරෝධී වත්කම් කොට්ඨාසය බාරයට ගෙන තිබිණි.

ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ කරන ලද විමර්ශනයකින් පසුවද ඒ බව තහවුරු වී ඇත.

Share This