නීතිපතිගේ සේවා දිගුව ගැන අවසන් තීරණය අද

නීතිපතිගේ සේවා දිගුව ගැන අවසන් තීරණය අද

නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය.

ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වෙයි.

නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව පසුගිය දා රැස් වූ අතර එහිදී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට හැකි වූයේ නැත.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහාය.

නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මෙම නිර්දේශය සම්බන්ධයෙන් බොහෝ දුරට අද අවසාන තීරණයක් ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Share This