රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය අද ආරච්චිකට්ටුව නිවසට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය අද ආරච්චිකට්ටුව නිවසට

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබේ.

ලබන ඉරිදා දක්වා දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇති.

අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 2.00 ට හලාවත, ආරච්චිකට්ටුව, රාජක දළුව දේවස්ථානයේදි සිදු කිරීමට නියමිතයි.

දේහය, මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරිණ.

සනත් නිශාන්ත මහතා ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුණේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ 11 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ය.

ඒ , ඔහු ගමන් ගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් ය.

අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාට ද දිවි අහිමි විය.

අනතුරින් ජීප් රථයේ රියැදුරු ද තුවාල ලැබූ අතර , ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කෙරිණ.

සිව්දරු පියෙකු වන සනත් නිශාන්ත මහතා අභවප්‍රාප්ත වනවිට 48 හැවිරිදි වියේ පසු විය.

May be an image of 9 people and hospital

May be an image of 1 person and dais

May be an image of 7 people

May be an image of 2 people and flower