සනත් නිශාන්තගේ රියැදුරුට ඇප

සනත් නිශාන්තගේ රියැදුරුට ඇප

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ප්‍රභාත් එරංග ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.

වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා මහතා විසිනුයි, ඊට අදාළ නියෝගය නිකුත් කළේ.

එමෙන්ම, සනත් නිශාන්ත මහතාගේ රියදුරුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය

එම අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්විය.