web hit counter
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පැවැති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, හෙට දිනයේදී සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද හෙට දිනයට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )