දුන් පොරොන්දු ඉටුකරන්න රනිල්ට බලපෑම් කරන්නැයි ඉල්ලා සම්පන්ධන්ගෙන් මෝදිට ලිපියක්

දුන් පොරොන්දු ඉටුකරන්න රනිල්ට බලපෑම් කරන්නැයි ඉල්ලා සම්පන්ධන්ගෙන් මෝදිට ලිපියක්

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටිමින්, දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසා ඇත්තේ, දෙමළ ජනතාවගේ ආරක්ෂාව, අනන්‍යතාව සහ ජාතියක් ලෙස පැවැත්ම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවෙන් වෙන් කළ නොහැකි බවයි.

“කණගාටුදායක ලෙස, ගිවිසුමේ අත්සන් කරන ලද ද්විත්ව අරමුණු, එනම් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සහ ඉන්දියාවේ ආරක්ෂාව, වසර 36 ක් ගතවී ඇතත් තවමත් තහවුරු වී නැත” යැයි සම්බන්ධන් මන්ත්‍රීවරයා එහි පවසා ඇත.

Share This