බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල පවතින හිඟතාවය හේතුවෙන් තාවකාලික පියවරක් ලෙස මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිත අතර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩඉරිඟු ආනයනයට කටයුතු යොදා තිබෙනවා.

Share This