සමනල වැවේ ජල කාන්දුව නතර කරන්න බෑ – විශේෂඥවරු පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

සමනල වැවේ ජල කාන්දුව නතර කරන්න බෑ – විශේෂඥවරු පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

එහි කාන්දුව වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරිහු ජල කාන්දුව වැලැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද පෙන්වා දෙති.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය

සුහුරු විදුලි මීටර ලබා ගත් විදුලි පාරිභෝගයකයන්ගේ විදුලි සබඳතා විසන්ධි කෙරෙන අවස්ථාවන්හිදී සබඳතා නැවත ලබාදීමේදී කිසිදු මුදලක් අය නොකරන ලෙස කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කළේය.

සූහුරු විදුලි මීටර ලබා ගත් පාරිභෝගිකයන් හැටදහසක් පමණ රටේ සිටින බවත් මේ වසරේ තවත් සුහුරු විදුලිමීටර තිස් දාහක් සවිකිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු දැනුම් දුන්හ.

මේ අතර කලාපයේ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇති වුවහොත් ඉන් ඇතිවන විකිරණශීලීත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණු බලශක්ති නියාමන සභාවේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ සඳහා අවශ්‍ය මානව සම්පත මෙන්ම අවශ්‍ය උපකරණද තමන් සතුව පවතින බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව නවත්වන්න බෑ - දිනමිණ