හරක් කටා සහ කුඩු සළිඳු රිමාන්ඩ්

හරක් කටා සහ කුඩු සළිඳු රිමාන්ඩ්

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටාව’ අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (11) නියෝග කළේය.

ඒ, දින 362ක කාලයක් රදවා ගෙන ප්‍රශ්ණ කිරිමෙන් අනතුරුව ඔහුව අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, මීළඟ නඩු විභාගය අප්‍රේල් 26 වැනිදා කැඳවීමටයි අධිකරණය නියම කළේ.

ඒ අනුව, හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයේ TID රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා විසින් එම නියෝගය ලබා දී ඇත.

සැකකරු මැඩගස්කර රාජ්‍යයේදී 2023 මාර්තු 13 දා අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ලබාගෙන විමර්ශන හයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කළේය.