නව බදු ක්‍රමය වෙනස් විය යුතු ආකාරය ගැන පාඨලී ආණ්ඩුවට හරි පාර පෙන්වයි

නව බදු ක්‍රමය වෙනස් විය යුතු ආකාරය ගැන පාඨලී ආණ්ඩුවට හරි පාර පෙන්වයි

ජනපති ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් හට තම මූලික අරමුණ මගහැරී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

නව වසරේ තම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ කෙසේද යන්න ප්‍රකාශ කිරීම වෙනුවෙන් අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහ බැංකු අධිපතිවරයාත් රටේ මූල්‍ය ස්ථායිතාවය සම්බන්ධයෙන් පමණක් මේ වන විට අවධානය යොමු කර ඇති බවත් එමගින් මෙම වසරේ ආර්ථිකය හැකිලි යාමක් වී දැඩි පීඩාවක් මහජනාවට මුහුණදීමට සිදු වන බවත ඒ මහතා කියා සිටි.

නව බදු ප්‍රථිපත්තිය හේතුවෙන් සෙමෙන් සෙමෙන් වර්ධනය වූ ආර්ථිකය ජනවාරි 1 වන දා සිට ඇණ සිට ඇති බවත් කියා සිටි.

උදාහරණයක් ලෙස කේක් නිෂ්පාදනකරුවන්ගේ වෙළෙදපොල නව බදු ක්‍රමය යටතේ 25%කින් අඩු වී ඇති බව සදහන් කරයි.

බදු වැඩි වීම මගින් මිල වැඩිවන බවත්, මිල වැඩිවන විට ඉල්ලුම අඩු වී සැපයුම්කරුවන්ගේ ආදායම අඩුවන බවත් මේ හේතුවෙන් සමස්ථ වෙළෙදපල හැකිලීයාමක් සිදුවන බවත් පෙන්වා දෙයි.

තවද ආසියාවේ වැඩිම වාණිජ අංශයට අදාල විදුලි බිල මේ වන විට ශ්‍රී ලංකාව සතුවන බවත් එමගින් කර්මාන්ත සීඝ්‍රයෙන් රටින් පිටට ඇදි යන වගත් හෙතෙම කියා සිටි. වියට්නාමය උදාහරණයට ගනිමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වාණිජ විදුලිබිලට සාපේක්ෂව වියට්නාමයේ වාණිජ විදුලි බිල 40%ක් වන බවයි.

රජය මේ වන විට ප්‍රමුඛතාවය දිය යුත්තේ මූල්‍ය ස්ථායිකරනයට නොව ආර්ථික වර්ධනයට බව මන්ත්‍රීවරයා අවධාරනය කලේ මේ වන විටත් මුදල් අමාත්‍යංශ දත්ත අනුව රටේ පවුල් ඒකක 50%කට පමණ ආදායම අහිමි වී ඇති බව පෙන්වා දෙමිනි.

නව බදු ක්‍රමය සාමාජ සාධාරණත්ව මූලධර්මය මත පදනම්ව යලි සකස් කල යුතු බවත් එසේ කිරීමෙන් දැනට බදු ක්‍රමය හේතුවෙන් සීඝ්‍රයෙන් රට අතහැර යන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් ආදී ව්ෘත්තිකයන් ආර්ථික වර්ධන ක්‍රියාවලියකට දායක කරගත හැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටි.

Share This