හඳට ගිය ‘චන්ද්‍රයාන් 3’ යානය වීඩියෝ දර්ශණ එවයි

හඳට ගිය ‘චන්ද්‍රයාන් 3’ යානය වීඩියෝ දර්ශණ එවයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට ඒ මේ අත යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය.

‘ප්‍රාග්යාන්’ රෝවර් යානය වික්‍රම් යානයෙන් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ සඳ මතුපිට වීඩියෝ දසුන් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

Share This