වැටුප් ගැන රාජ්‍ය සේවකයින්ට සුබ පණිවිඩයක්

වැටුප් ගැන රාජ්‍ය සේවකයින්ට සුබ පණිවිඩයක්

වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපි­යල් 10,000ක දීම­නා­වෙන් ඉතිරි රුපි­යල් පන්ද­හස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

සියලු රාජ්‍ය සේව­ක­යන්ට මාර්තු මාසයේ වැටුප ගෙවී­මෙන් අන­තු­රුව අප්‍රේල් මාසයේ වැටු­ප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවී­මට සූදා­නම් බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

මෙම රුපි­යල් දස දහසේ දීම­නා­වෙන් රුපි­යල් 5,000ක් ජන­වාරී මස සිට ගෙවීම ආරම්භ කළ අතර අප්‍රේල් සිට ඉති­රිය ගෙවන බවට රජය දුන් පොරො­න්දුව ඉටු කර­මින් මෙසේ ගෙවීම් ආරම්භ කරන බව ඇමැ­ති­ව­රයා පැවසීය.

දැනට රාජ්‍ය සේව­ක­යන්ට වස­ර­කට වැටුප් ගෙවී­මට රුපි­යල් කෝටි දස­ද­හ­සක් වැය වන අතර අප්‍රේල් සිට තවත් 5,000කින් වැටුප් වැඩි­වී­මත් සමඟ රුපි­යල් කෝටි 1300-1400ත් අතර මුද­ලක් අම­ත­රව දර­න්නට වෙන බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

Share This