සක්විතිගේ නඩුවට දින දෙයි

සක්විතිගේ නඩුවට දින දෙයි

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව ජුලි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබඳි මහතා  අද (18) තීරණය කළේය.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවුනු ලැබු අවස්ථාවේදී ඉදිරිපතත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.

මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර පසුව ඉන් විත්තිකරුවන් 09 දෙකු නීතීපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණී.

Share This