රාජාංගණේ සද්ධාරතන හිමිට වරෙන්තු

රාජාංගණේ සද්ධාරතන හිමිට වරෙන්තු

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැරුණු පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (25) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

සැකකාර හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් විමර්ශන ප්‍රගතිය ගැන දැනුම්දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අධිකරණයට පැමිණීමට ප්‍රමාද වීමෙන් වරෙන්තු නිකුත් කර ඇත.

සැකකාර හිමියන් මෝසමක් මාර්ගයෙන් නැවත ඉදිරිපත් වී ඇති අතර මෙම නඩුව නැවත ජනවාරි 24 කැඳවීමට නියෝග කර තිබේ.

Share This