කෝටි 2000ක වන්දි ඉල්ලා නිළි මහේෂිට හිරු TV සහ රෙනෝ ගෙන් එන්තරවාසියක්

කෝටි 2000ක වන්දි ඉල්ලා නිළි මහේෂිට හිරු TV සහ රෙනෝ ගෙන් එන්තරවාසියක්

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ සමාගම කටයුතු කර තිබේ.

හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් ඇය මෙම අපහාසත්මක යැයි කියන ප්‍රකාශය සිදු කර ඇති බව පැවසේ.

ඒ අනුව, හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් සහ රේනෝ සිල්වා මහතාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදල් ඉල්ලමිනුයි මෙසේ එන්තරවාසි භාර දීමට කටයුතු කර ඇත්තේ.