කෝටි 150ක් වටිනා දේපළ මුදා­හ­රි­න්නැයි ‘දෙමටගොඩ රුවන්’ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලයි

කෝටි 150ක් වටිනා දේපළ මුදා­හ­රි­න්නැයි ‘දෙමටගොඩ රුවන්’ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලයි

අධි­ක­ර­ණය මඟින් විකි­ණීම හා අන් සතු කිරීම තහ­නම් කර ඇති රුපි­යල් කෝටි 150කට අධික වටි­නා­ක­ම­කින් යුත් තම දේපළ මුදා­හැ­රීමේ නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ල­මින් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යකු බව කියන සිරි­නාත පති­ර­ණගේ රුවන් චමිල නොහොත් දෙම­ට­ගොඩ රුවන් නමැත්තා නීති­ඥ­යන් මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා තිබේ.

කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් හර්ෂණ කැකු­ණා­වල මහතා ඉදි­රියේ නීතිඥ ගාමිණි අල්විස් මහතා මෝස­මක් ගොනු කර­මින් සඳ­හන් කර සිටියේ, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ මේ දේපළ විකි­ණීම හා පැව­රීම තහ­නම් කර­මින් නියෝ­ගය ගෙන වස­ර­කට වැඩි කලක් ගත වී ඇති බවයි.

ඒ අනුව, මේ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉදි­රියේ සිදු කරන ලෙස දැනුම් දුන් අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා, මේ නඩුව ජූනි 27 දා තෙක් කල් තැබීය.

රේන්ජ් රෝවර් වර්ගයේ වාහන දෙකක්, BMW වාහන තුනක් සහ රුපි­යල් 20,679,650ක් වටිනා රන් ආභ­රණ ඇතුළු දේපළ මෙලෙස අත්හි­ටුවා ඇති බව අධි­ක­ර­ණ­යේදී කරුණු වාර්තා විණි.

මේ සිද්ධි­යට අදා­ළව රුවන් චමිල යන අයට එරෙ­හිව රුපි­යල් 132,429,650ක් නීති විරෝධි අන්ද­මින් උපයා ශ්‍රී ලංකාවේ ආයෝ­ජ­නය කර මුදල් විශුද්ධි කරන පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍ර­හය යටතේ වර­දක් සිදු කර ඇති බව නීති­ප­ති­ව­රයා විසින් කොළඹ මහා­ධි­ක­ර­ණයේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇත.

Share This