ඇමෙරිකානු පර්යේෂණ නැවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දෙන්න බෑ කියයි

ඇමෙරිකානු පර්යේෂණ නැවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දෙන්න බෑ කියයි

ඇමෙරිකානු පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට කළ ඉල්ලීමක් මෙරට රජය ප්‍රතික්ෂේප කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති මය තීරණයකට අනුව මේ තීරණය ගෙන ඇත.

ඇමෙරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් මෙම පර්යේෂණ නෞකාව ඉන්ධන, ජලය පිරිසුදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසරය ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට මෙම නෞකාවට අවසර නොදීමට තීරණය කර තිබෙන බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට යාත්‍රාවක් යවා අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය තීරණය කර ඇත.

මෙම ඇමෙරිකානු නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇතත් ඉන්දීය රජය ද ඊට අවසර ලබා දී නොමැත.

මීට පෙර චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීමක් ද ශ්‍රී ලංකා රජය මේ ආකාරයට ප්‍රතික්ෂේප කර තිබිණි.

Share This