රුපියලේ අගය තවදුරටත් පහළට

රුපියලේ අගය තවදුරටත් පහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 308.16ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 321.87ක් ලෙස සටහන් වනවා.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මධ්‍යම විනිමය අනුපාතිකය රුපියල් 314.58 ක් වන අතර එය පෙබරවාරි 24 වන දින රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයක් වුණා.