ඇමති හරීන් – සනත් එක්ක ධනුෂ්ක බලන්න ගිහින්

ඇමති හරීන් – සනත් එක්ක ධනුෂ්ක බලන්න ගිහින්

සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සදහා සිඩ්නි නුවරට ගොස් සිටින සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සුවදුක් බැලීමට ගොස් තිබේ.

ඔවුන්ගේ පැමිණීම පිළිබදව ධනුෂ්ක ගුණතිලක විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඡායාරූපයක් ද සමගින් සිය ස්තූතිය පළ කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැණුනේ නොවැම්බර් 06 වැනිදාය.