දංඕවිට රබර් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

දංඕවිට රබර් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

මීරිගම, දංඕවිට පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් හදිසි ගින්න මැඩපැවැත්වීමට මේවන විට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (27) රාත්‍රී කාලයේ දී ගින්න හට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කම්හලේ රාත්‍රී සේවයේ යෙදී සිටි සේවකයින් ආරක්‍ෂාකාරීව කර්මාන්තශාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ගම්පහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

එසේම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.