රෝහිතට පොහොට්ටුවේ ලොකු තනතුරක්

රෝහිතට පොහොට්ටුවේ ලොකු තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කර තිබේ.

ඒ, එම පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසේ දී පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වනු ලැබීය.

එම පක්ෂයේ පරිපාලන ධූරාවලිය තුළ ජාතික සංවිධායක ලෙස තනතුරක් පවතින නමුත් ජාතික කැඳවුම්කරු ලෙස තනතුරක් මීට පෙර පැවතියේ නැහැ.

Share This