පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා අද මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුටර්ටේ විසින් සිය ධූර කාලයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය විරෝධි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6,000කට අධික පිරිසක් ඝාතනය කළ බවට එල්ල වන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇත්තේ, ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවය.

මේ සම්බන්ධව මින් පෙර අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට පළ වූ වාර්තාවලට අනුව තමන් සිරගෙට යාමට පවා සූදානම් බවයි.

රොඩ්රිගෝ ඩුටර්ටේගේ මෙම ඝාතන සිද්ධීන් පිළිබදව 2018 වසරේ සිට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශන සිදුකරමින් පවතී.